පළමු රන්දෝලිය ගමන් අරඹයි


මහනුවර ඓතිහාසික ඇසළ පෙරහරේ පළමු රන්දෝලි පෙරහර මේ වන විට වීදි සංචාරය කරයි .

පළමු රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍ය හිමි වූයේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත් ඇත් පන්තියේ මංගල හස්තියා වන ඉන්දි රාජා හස්තියාටය .

සධාතුක කරඬුව රැගත් ඉන්දිරාජා හස්තියා පස්වරු 6.45 ට යෙදුන සුභ මොහුර්තිය  සඳගල මත පය තැබීමෙන් පසු ඇසළ පෙරහර ආරම්භ වූ අතර ඉන්දී රාජා හස්තියාගේ දෑල ඇතුන් ලෙස මියන් රාජා සහ කෝට්ටේ රාජා ගමන් ගත්තේය .

ෂේන් සෙනෙවිරත්න