ප්‍රධාන නගර පාලුවට යයි


(රංජිත් රාජපක්ෂ)

                       
කොරෝනා වයිරස අවදානමත් සමඟ රජයේ සහ පෞද්ගලික අංශයේ අද (16) දින නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කිරිමත් සමඟ වතුකරයේ ප්‍රධාන නගර සියල්ලක්ම පාලු ස්වභාවයක් දැක ගැනීමට හැකිව තිබේ.

හැටන් බස් නැවතුම්පොලේ සිට දිනපතා ගමන් ගන්නා ලංගම සහ පෞද්ගලික දුර සහ කෙටි දුර බස් රථවලට මගීන් නොමැති බව බස් රථ රියදුරෝ පවසති.

හැටන් බස් නැවතුම්පොළ ද පාලු ස්භාවයක් ගෙන තිබු අතර හැටන් නගරයේ ඇතැම් වෙළඳසැල් අද දිනයේ වසා තිබිණි.

හැටන් සතොස ශාඛාව විවෘත කර තිබු අතර , එම ශාඛාවේ අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය ප්‍රමාණවත් තරම් තොග තිබෙන බව සතොස ශාඛාවේ කළමනාකාරු සඳහන් කරති.

අද (16) නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කිරිමත් සමඟ ඊයේ (15) දින නගරය පාරිභෝගිකයන්ගෙන් පිරි තිබූ අතර වෙළදාම් හොද තත්ත්වයේ තිබු බව ව්‍යාපාරිකයෝ කියති.

ඡායාරූප - (රංජිත් රාජපක්ෂ)

ඡායාරූප - (පාලිත ආරියවංශ)