තායිවාන දූපතට ඔබ්බෙන් මුහුදේ රික්ටර් පරිමාණයේ ඒකක 7.2 ක් ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවක් හටගෙන තිබේ. භූමි කම්පාවේ ප්‍රබලත්වය සැලකිල්ලට ගනිමින් සුනාමි අනතුරු ඇගවීම් ද නිකුත් කෙරුණි.
භූමි කම්පාව හටගත්තේ තායිවානයේ වේලාවෙන් දහවල් 2.44 ටය. භූමි කම්පාවේ අපිකේන්ද්‍රය ටයිටංග් නගරයට ඔබ්බෙන් කිලෝ මීටර් 10 ක් මුහුදු පතුලේ බව භූ විද්‍යාඥයෝ පවසති.
සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර ඇත්තේ තායිවානයේ වෙරළබඩ ප්‍රදේශවලට පමණක් යැයි ද පැවැසෙයි.
භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි රැසකට හානි සිදුවී ඇති බවත්, මහල් නිවාස ගොඩනැගිලි දෙකක් මුළුමනින්ම බිමට කඩා වැටී ඇති බවත් වාර්තා වේ. තුවාල ලැබූවන් ගැන හෝ මියගිය පුද්ගලයන් ගැන හෝ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැත.
(අල් ජසීරා)