ප්‍රා.සභා තුනක නාමයෝජනා භාරගැනීම අදින් අවසන්


 ( මහින්ද නිශ්ශංක )

මන්නාරම, පුනාකරී සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය  සභා සඳහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (27) දහවල් 12 ට අවසන් කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

පසුගිය 24 දා නාමයෝජනා භාරගැනීම ආරම්භ වූ අතර ඇප තැන්පත් කිරීම ඊයේ (26) දහවල් 12 ට අවසන් වු බව ද මැතිවරණ කොමිසම පවසයි.