ඊශ්‍රායල ගුවන් හමුදාව තව දුරටත් ගාසා තීරයට බෝම්බ හෙලන බව වාර්තා වේ. හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන දරුණුතම ප්‍රහාර මාලාව මෙයයි.
ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නැතිනම්, තම ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් එකා බැගින් මරා දැමීමට පසුබට නොවන බව ඉස්ලාමීය හමාස් සටන්කාමීන් පවසා තිබේ.
මේ වනවිට ගාසා තීරයට සැපැයෙන සියලු ආහාර සහ ජලය නැවැත්වීමට ඊශ්‍රායලය පියවර ගෙන තිබේ.
ගාසා තීරයේ පලස්තීන වැසියන් ආහාර සහ ජලය නොමැතිව පීඩාවට පත් කිරීම ඊශ්‍රායලයේ අරමුණ වී ඇති බවත් එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව යුද අපරාධයක් බවත් අරාබි රටවල් චෝදනා කරයි.
ඊශ්‍රායලය ප්‍රතිඥා දී ඇත්තේ ගාසා තීරයේ හමාස් පාලනය මුලිනුපුටා දමන බවටය. මේ වනවිට ඊශ්‍රායල ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 687 කි. හමාස් ප්‍රහාරවලින් මියගිය ඊශ්‍රායල වැසියන් ගණන 800 කි.
ගැටුම බටහිර ඉවුරේ පලස්තීන පාලන ප්‍රදේශයටත් දකුණුදිග ලෙබනනයටත් පැතිර ගොස් තිබේ. බටහිර ඉවුරේ පලස්තීනුවන් 17 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පැවැසෙයි.
ලෙබනනයේ මියගොස් ඇත්තේ හිස්බුල්ලා සටන්කාමීන් සිවු දෙනෙකි. හමාස් සටන්කාමීන්ට ආධාර ලබා දෙන්නේ හිස්බුල්ලා සංවිධානයයි. පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට කඩා වැදී පහර දීමට පටන් ගත් හමාස් සාමාජිකයන් අතරේ හිස්බුල්ලා සාමාජිකයන් ද සිටින බව ඊශ්‍රායලය පවසයි.
(අල් ජසීරා)