(සුමිත් පොතුපිටිය )
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය.
සිසුවියන් තිදෙනෙකු කිසියම් බීම වර්ගයක් විෂවීමෙන් පසු හදිසියේ රෝගීවීමෙන් රෝහල් ගතකර ඇති බව සදහන් වේ.
තවත් සිසුවියන් දෙදෙනකුද හදිසියේ රෝගීවීමෙන් රෝහල් ගතකර ඇති බවද වාර්තාවන නමුත් ඔවුන් එම බීම පානය කර නොමැති බවද සදහන් වේ.
මෙසේ රෝහල් ගතකර ඇත්තේ වයස 17, 15 සහ 12 වියැති සිසුවියන් පස් දෙනෙකු බවද සදහන් වේ.
විද්‍යාලයට වසර සියයක් සපිරිම නිමිත්තෙන් ඊයේ පස්වරුවේ පා ගමනක් පැවත ඇති අතර , ඉන්පසු සිසුවියන් දෙදෙනකු හදිසියේ අසනීපවීමෙන් රෝහල් ගතකර තිබේ.
ඉන් අනතුරුව පැවැත්වූ සංගීත වැඩසටහන් අතරතුරද තවත් සිසුවියන් තිදෙනකු ක්ලාන්තය සහ බඩේ දැවිල්ලක් වැනි රෝග ලක්ෂණ ඇති බව සදහන් කිරීමෙන් පසු රෝහල් ගතකල බවද විද්‍යාලයෙන් වාර්තාවේ.