පාඨලීට නිදහස පතා මහා සංඝරත්නය සත්‍යග්‍රහයක


(හසිත රංග ගුණතිලක)

බන්ධනාගාර ගතව සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට නිදහස පතා කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමාව ඉදිරිපිටදී මහා සංඝරත්නය අද (23) පස්වරුවේ සත්‍යග්‍රහයක නිරත වූහ.

සත්‍යග්‍රහයෙන් පසු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ඉටිපන්දම් සහ පන්දම් දල්වමින් ආණ්ඩුවේ දේශපාලන දඩයමට එරෙහිව සිය විරෝධය පළ කළහ.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් වන රවුෆ් හකීම් , පලනි දිගම්බරන් , මනෝ ගනේෂන් සහ එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)