(යොහාන් භාසුර)
දක්‍ෂිත අධිවේගී මාර්ගයේ පානදුර - කඩවත සහ හොරණ - කඩවත සුඛෝපභෝගී බස් රථ ගාස්තු ගැටලුවක් හේතුවෙන් අද (7) ධාවනයෙන් ඉවත්ව සිටියේය.
එම බස් රථයකින් ගමන් වාරයක් සඳහා මගියකුගෙන් රුපියල් 400 ක ගාස්තුවක් අයකරන අතර මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සහ ජාතික ගමනාගමන කොමිසම එක්ව එම ගාස්තු අඩු කිරීමට පියවර ගෙන ඇති බවත් එය විරෝධය දක්වමින් ධාවනයෙන් බව්ව සිටි බවත් එම බස් රථහිමියෝ පැවසූහ.
හොරණ - කඩවත බබස් ගාස්තුව රුපියල් 330 ක් දක්වා ද, පානදුර - කඩවත බස් ගාස්තුව රුපියල් 360 ක් දක්වා ද, අඩු කර ඇති බව කියන එම බස් රථහිමියෝ වර්තමානයේ පවතින අධික වියදමත් සමඟ ගාස්තුව අඩු කිරීම දරාගත නොහැකි බව ද සඳහන් කළහ.
බලධාරීන් සමඟ කළ සාකච්ඡාවකින් පසුව ගාස්තුව පැවැති මිලේම තැබීමට එකඟ වූ බවත් ඒ අනුව හෙට (8) සිට නැවත බස් ධාවනය ආරම්භ කරන බවත් බස් රථහිමියෝ වැඩි දුරටත් පැවසූහ.