පාප්තුමන්ට සුවයි: ඡායාරූපයක් කරළියට


 
පෙනහළු ආසාදනයකට ලක් වී, මාසකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. වතිකානය මෙම නිවේදනය නිකුත් කළේ සුවය ලබමින් සිටින පාප්තුමන්ගේ ඡායාරූපයක් ද ප්‍රසිද්ධියට පත් කරමිණි.
 
රෝහල්ගතව සිටින පාප්තුමන්ගේ ඡායාරූපයක්, වතිකානය පළමු වරට මාධ්‍ය හමුවට යොමු කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. තරමක් සුවය ලැබුවත්, පාප්තුමන්ට තව දුරටත් රෝහල්ගතව සිටීමට සිදුවනු ඇති බව එතුමන්ට ප්‍රතිකාර ලබා දෙන වෛද්‍යවරුන්ගේ අදහසය.
 
(ඒ.එෆ්.පී.)