පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි විරෝධතාවක්



 


පාර්ලිමේන්තුව වහා කැඳවන්නැයි ඉල්ලමින් යුක්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වන ජනතා ව්‍යාපාරය කොළඹ කොල්ලුපිටිය ලිබර්ටි වටරවුමේදී අද (4) විරෝධතා ව්‍යාපාරයක නිරත විය. 
 
සිංහල, දෙමළ සහ ඉංග්‍රිසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ‘වහා පාර්ලිමේන්තුව කැඳවනු’, ‘අශීලාචාර පාර්ලිමේන්තුවක් වෙනුවට ශීලාචාර පාර්ලිමේන්තුවක්’, ‘ප්‍රජාතන්ත්‍රවාදය මුදලට විකුණන්න එපා’, ‘ජනතා පරමාධිපත්‍යය කොල්ලකෑමට එරෙහිව’, ‘මගේ ඡන්දය විකිණීමට නෙමෙයි’ යනාදිය පාඨ දැක්වෙන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ. 

(ළහිරු හර්ෂණ)