(යොහාන් භාසුර)
පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීමත් සමඟ විනෝදජනක බවත් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ පැමිණීම ඉතාමත් දුර්වල බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වී. චානක මහතා අද (21) පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (21) පැවති මාධ්‍ය හමුවේදී ඩී. වී. චානක මහතා එසේ පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මහතා ඊයේ අදහස් දැක්වූ අවස්ථාවේ මුදල් නියෝජ්‍ය ඇමතිවරු දෙදෙනාගෙන් එක ඇමතිවරයෙක් පමණක් සිටි බවත් කැබිනට් මණ්ඩලයෙන් වසන්ත ඇමතිතුමා පමණක් සිටි බවත් ඒ මහතා කීය.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 කට අඅඩු සංඛ්‍යාවක් සිටි බව කී චානක මහතා ආරම්භක දිනවල පාර්ලිමේන්තුවට එන්න පෝලිම් තිබුණ ද දැන් වන විට වැඩපිලිවෙළක් පෙණෙනට නොමැති බව ද සඳහන් කළේය.