පාර්ලිමේන්තුවේ නව සැසියට සූදානම් වෙමින්


(අංජුල මහික වීරරත්න)

නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය විවෘත කිරීමෙි උත්සවය සඳහා පෙරහුරුවක් පාර්ලිමේන්තු පරිශ්‍රයේදී  පැවැත්විණි.

ඊට පොලිස් සංස්කෘතික කොට්ඨාසයේ නිලධාරිහු සහ ශ්‍රී ජයවර්ධනපුර, ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියෝ එක්ව සිටියහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) ව්‍යවස්ථාව ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන 18 වැනි අඟහරුවාදා පෙ.ව 10.00 ට පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතයි.