පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්


(කේ. බුද්ධික කුමාරසිරි)

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මෙම ඉදිකරමින් පවතින පාලමේ කොන්ක්‍රීට් බට වගයක් යොදා සකස් කර තිබූ ස්ථානයකින් තවත් දෙදෙනෙකු සමග අතුරුදහන් වූ පුද්ගලයා ජලය පිරී තිබියදී ගමන් කිරීමට යාමේදී එක්වරම ලිස්සා ගොස් අතුරුදහන් වී ඇතැයි ද පොලිසිය පවසයි .