(උපුල් හේරත්)
ගලෙන්බිඳුණුවැව කහටගස්දිගිලිය කොට්ඨාසයේ පණ්ඩුලගම මහා විද්‍යාලයට පාසල් කාලයේ ඇතෙකූ පැමිණීම නිසා ගුරුවරුන් මෙන්ම පාසල් සිසු සිසුවියන් නොසන්සුන්කාරී තත්ත්වයකට පත්විය.
මෙම සිද්ධිය අද දහවල් එකොළහයි තිහට පමණ සිදු වූ බව එම විදුහලේ විදුහල්පතිවරයා කියයි.
පාසල් භූමිය එක් අන්තයක පිහිටි ක්‍රීඩාපිටිය මායිමට පැමිණි එම ඇතා දුටු පාසල් සිසු සිසුවියන් අධ්‍යාපනය කටයුතු නවතා පාසලෙන් එළියට පැමිණීම සිදුකළ අතර,අසල්වාසී නිවෙස් වල සිටි මාපියන් පැමිණ එම ඇතා පන්නා දැමීමට කටයුතු කර ඇත.
මෙම සිද්ධිය පිළිබඳව විදුහල්පතිවරයා කියා සිටියේ ඉතාමත් කඩිනමින් අලි වැටක් ඉදිකර දෙන ලෙසයි.