පාස්පෝට් කන්තෝරුව ළඟ මහ සෙනගක්


(යොහාන් භාසුර)

බත්තරමුල්ලේ පිහිටි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට විශාල පිරිසක් අද (10) දිනයේ ද පැමිණීමෙන් එම කාර්යාලය තුළ සහ පිටත දැඩි තදබදයක් දැකිය හැකිවිය.

මෙම තත්වය හේතුවෙන් එම කාර්යාලයේ නිලධාරීන් මෙන්ම ජනතාව ද දැඩි අපහසුතාවට පත්ව සිටිති.

දුරබැහැර සිට පැමිණි ඇතැම් පුද්ගලයින් එම පරිශ්‍රයේ පිටත එළිමන් ප්‍රදේශයේ නින්දට වැටී සිටින අයුරු ද දැකගත හැකිවිය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)