පැෆරල් වෙතින් ලංකාදීපයට සම්මානයක්


 

 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ 30 වැනි සංවත්සර උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද(14) පැවැත්විණි.                                                    

එහිදී ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකිරීමට කළ දායකත්වය වෙනුවෙන් විජය පුවත්පත් සමාගමට විශේෂ සම්මානයක් පිරිනැමිණි.                            

ලංකාදීප පුවත්පතේ නියෝජ්‍ය ප්‍රවෘත්ති කර්තෘ රංජන් කස්තුරි මහතා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතින් විජය පුවත්පත් සමාගම වෙනුවෙන් එම සම්මානය ලබාගත්තේය.                                             

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ද මෙම අවස්ථාවට එක් වූයේය.

(ඡායාරූප - ගයාන් අමරසේකර)