පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය ජනතා අයිතියට


 

පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණය අද (20) අග්‍රාමාත්‍ය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්විය.
 
මේ සඳහා වැය වු මුළු මුදල රුපියල් බිලියන 6.5 කි. 
   
මහල් හතරකින් සමන්විත මැනිං වෙළද සංකීර්ණය, 03 වෙනි මහල දක්වා පිහිටි සෑම වෙළඳසැලකටම එළවළු ප්‍රවාහන ලොරි ගෙන ඒමට හැකිවන සේ සකසා තිබේ.
 
මැනිං වෙළඳ සංකීර්ණය අක්කර 13.5 ක් පුරා විහිදෙන අංග සම්පූර්ණ තොග වෙළඳ සංකීර්ණයකි.