පිපාසයට මග නැවතුණු යකඩ යකාට ප්‍රදේශවාසීන්ගෙන් ජලය


(ඩයනා උදයංගනී)

රේඩියේටරයේ ජලය අවසන්වීම නිසා වාද්දුව දුම්රිය ස්ථානය ආසන්නයේදී කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියකට ප්‍රදේශවාසීන් විසින් ජලය සපයා දී ධාවනය කරවූ පුවතක් වාර්තා වේ.  

අවට ජනතාව එකතුවී භාජනවලට ජලය ගෙනැවිත් දුම්‍ රියට ලබා දී ඇති බව දුම්රිය මගීන්ගේ නිල සාමූහිකය ෆේස් බුක් පිටුව මගින් වාර්තා කර තිබිණි.