පියා පැදවූ රියේ ගැටී දරුවා මරුට


(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

පියා පැදවූ ජිප්රථයක ගැටී වයස අවුරුදු තුනක පිරිමි දරුවෙකු මියගොස් ඇතැයි මරදාන පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ මරදාන දුම්රිය නිවාස හි පදිංචි විහඟ සත්සර නැමැති දරුවකු බව පොලිසිය සඳහන් කරයි. 

දරුවාගේ පියා දුම්රිය දෙපාර්තමේන්තුවේ රියදුරෙකු වශයෙන් කටයුතු කරන බවත්, ඊයේ  (10) දින පස්වරුවේ දරුවාගේ පියා විසින්  පදවන  ජිප් රථය නිවස ඉදිරිපිට ගාල් කරන අවස්ථාවේ. මෙම දරුවා රථයේ පිටුපසට පැමිණි සිටියදී  රථයේ ගැටී ඇති බව පොලිසිය සඳහන් කරයි.