(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පිරිමින්ගේ ලෝකය ඇතුළේ කාන්තාව කියන කෙනා බොහොම පුංචි කෙනෙක් යැයි මාතලේ දිස්ත්රික් මන්ත්රීනී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.
"අද කාන්තා දිනය. තමන්ගේ අයිතීන් සුරැකෙන සමානාත්මතාව ලැබෙන ජීවිතයක් ලැබේවායි සියලු කාන්තාවන්ට මා සුබ පතනවා. අප වසර ගණනාවක සිට කාන්තා සුබ සිද්ධිය වෙනුවෙන් කතා කරනවා.අප අතීතයට දෙස් දෙවොල් කියනවා. හැබැයි අනාගතය සැලසුම් කර තිබෙනවාද කියා ප්රශ්නයක් තිබෙනවා.කාන්තා ගැටලු වලට ඇත්ත උත්තරය තිබෙන්නේ ගැහැණු අතේ නොවේ. පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ළඳුනේ යනුවෙන් ප්රසිද්ධ ගීතයක්ද තිබෙනවා.කාන්තාව හිංසනයට ලක් වන්නේ ඇය හිංසනයට ලක් කරන අනෙක් පුද්ගලයාගේ වරද නිසයි යනුවෙන්ද මන්ත්රීවරිය කීවාය.