පිලිපීන ජනාධිපතිවරණය අද (9) උදෑසන ආරම්භ විය. අද දිනයේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ, ජනාධිපතිවරයා මෙන්ම උප ජනාධිපතිවරයා ද තෝරා ගැනීම සඳහාය.
මිලියන 67 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව පැවැසෙයි. ඡන්දය ප්‍රකාශ කිරීම අද (9) උදෑසන 6 ට ආරම්භ වූ අතර සවස 7 ට අවසන් වෙයි.
කෙසේ නමුත් ‘කොවිඩ් 19’ වසංගත ව්‍යාප්තිය සහ පනවා ඇති සෞඛ්‍ය නිතිරීති හේතුවෙන් ඇතැම් ඡන්ද පොළවල ඡන්ද ප්‍රකාශ කිරීමට ලබා දී ඇති කාලය පැයකින් හෝ පැය දෙකකින් දීර්ඝ කර තිබේ.
ජනාධිපතිවරණයෙන් ඉදිරියෙන් සිටින්නේ 64 හැවිරිදි බොන්ග්බොන්ග් මාකෝස් ය. බොන්ග්බොන්ග් මාකෝස් යනු, වසර 20 කට වැඩි කාලයක් පිලිපීනයේ ඒකාධිපති පාලකයකු ලෙස ජනාධිපති ධුරයේ රැඳී සිටි ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුත්‍රයාය.
(රොයිටර්)