(අංජුල මහික වීරරත්න)
රේඛීස් එන්නත් (මිනිස් පරිහරණය) මිලි ලීටර 0.5/ මිලිලීටර 1න් අක්‍රීය කරන ලද මාත්‍රා මිලියන 3ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජලභීතිකා රෝගය වළක්වා ගැනීම පිණිස ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කරන රේඛීස් එන්නත් මිලිලීටර 0.5/ මිලිලීටර 1න් අක්‍රීය කරන ලද මාත්‍රා මිලියන 3ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය යටතේ ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇත.
ඒ සඳහා ලංසු 5 ක් ලැබී තිබේ. ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මතපදනම්ව අවම ලංසුකරු වන ශ්‍රී ලංකාවේ M/s Gulf Pharma (Pvt) Ltd. (Manufacturer: M/s Chiron Behring Vaccine (Pvt) Ltd., India) අදාළ ප්‍රසම්පාදනය රුපියල් මිලියන 412.80 ක මුදලකට පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.