(එච්.එම් ධර්මපාල)
ගල්කිස්ස , බඩෝවිට ,දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගල්කිස්ස පොලීසිය පැවසීය .
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ බඩෝවිට පලවන අදියර පදිංචිව සිටි මංජුල පුෂ්පකුමාර නම් (40) හැවිරිදි අයෙකුදවන බවත් පොලීසිය පැවසීය .
මෙම සිදුවීම ඉකුත් ඊයේ(13) රාත්රිය දෙපිරිසම අතර ඇතිවී එය දුර දිග යාමෙන් මෙලෙස පිහියෙන් ඇන මෙම පුද්ගලයා ඝාතනය කරනු ලැබ ඇත.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි ගල්කිස්ස පොලීසිය නිලධාරීන් හා ගම් වැසියන් එකතුව තුවාල කරු දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත යැවීමට පියවර ගෙන ඇති බවත් ඉන්පසු ඔහු මිය ගොස් ඇති බවත් ,මේ වනවිට මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයිද පොලීසිය පැවසීය.