පිළිකා රෝගීන් වෙනුවෙන් වරලස දන්දෙති


 

 

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි. ඒ. එස්. වීරවංශ)
 
මහරගම අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර ලබන පිළිකා රොගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් හිසකෙස් සහ ලේ දන්දීමේත් ශරීර අවයව දන්දීමට පොරොන්දු පත්‍ර අත්සන් කිරීමේත් වැඩසටහනක් බළන්ගොඩ ශාන්ත ඇග්නස් බාලිකා විද්‍යාලයේ දී පැවැත්විණි.
 
බාලිකා බාලදක්‍ෂිකාවෝ, ආදිශිෂ්‍යාවෝ ඇතුලු වැඩිහිටි කාන්තාවෝ 600ක් පමණ පිරිසක් මෙහිදී සිය හිසකෙස් දන්දුන්හ.
 
රත්නපුර දිසා බාලදක්‍ෂ කොමසාරිස් එම්. කේ. සිරිවර්ධන මහතා ප්‍රමුඛ නියෝජ්‍ය සහ සහකාර බාලදක්‍ෂ දිසා කොමසාරිස්වරු ඇතුලු ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.
 
ශාන්ත ඇග්නස් බාලිකා බාලදක්‍ෂ සමූහය සහ ආදි ශිෂ්‍යා සංගමය මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.