පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා


(රන්න චන්ද්‍රසේන ගමගේ)

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක්ෂකයකු වශයෙන් තරඟ කරනු ලබන අයකු අත් අඩංගුවට ගත් බව හම්බන්තොට පොලීසිය පවසයි.

අත් අඩංගුවට පත්ව ඇත්තේ හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේම පදිංචි අයෙකි.

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක හම්බන්තොට පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව හම්බන්තොට ළමා හා කාන්තා කාර්යාංශයේ නිළධාරීන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (09) දින හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිව තිබුණි.