පුංචි ජන්දයේ නාමයෝජනා බාරගැනීම අද සිට


(මහින්ද  නිශ්ශංක )

පලාත් පාලන ආයතන 336 ක් සදහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (17) පෙරවරුවේ සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

අද සිට ලබන 20 දා දහවල් 12 දක්වා තේරිම් භාර නිලධාරින්ගේ මූලිකත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදි නාමයෝජනා භාරගැනීම සිදු කරන බවද මැතිවරණ කොමිෂම පවසයි.

මේ අතර පලාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (17) මධ්‍යම රාත්‍රි 12 ට අවසන් කෙරෙන බවත් මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නාමයෝජනා භාරගැනීම අවසන් වන ලබන 20 දා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බවද කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කරයි.