පුටින් උතුරු කොරියාවේ


රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් උතුරු කොරියාව බලා  පැමිණියේය. ඒ, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ගේ විශේෂ ආරාධනයක් පිළිගනිමිනි.

යොංග්යැංග් අගනුවරට ආ පුටින්ට උතුරු කොරියා නායක කිම් ජොන් උන් ප්‍රමුඛ රජයෙන් ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

උතුරු කොරියාවත් රුසියාවත් එක ළඟ පිහිටි රටවල්ය. ඊට අමතරව, උතුරු කොරියාව සහ රුසියාව ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල උදහසට ලක් වී සිටී.

රුසියාව, බටහිර රටවල උදහසට ලක් වී සිටින්නේ යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියාමාර්ගය නිසාය. උතුරු කොරියාව උදහසට ලක් වී සිටින්නේ ඔවුන්ගේ හිතුවක්කාරී න්‍යෂ්ටික වැඩසටහන නිසාය.

මීට පෙර පසුගිය වසරේ සැප්තැම්බරයේ උතුරු කොරියානු නායකයා ඔහුගේ විශේෂ දුම්රියෙන් දේශසීමා හරහා රුසියාවට පැමිණියේය. ඒ ද්වීපාර්ශ්වික සාකච්ඡා සඳහාය.

රුසියන් ජනාධිපති ලෙස පුටින් උතුරු කොරියාව බලා පැමිණියේ වසර 24 කට පසුව වීම විශේෂත්වයකි.

උතුරු කොරියාව සමඟ පවතින ඇයිහොඳයිකම් තවත් ශක්තිමත් කර ගැනීම මෙම සංචාරයේ අරමුණ යැයි ක්‍රෙම්ලීනය පවසා ඇත.

(ඒ.එෆ්.පී.)