පුත්තලම කලපුවේ කඩොලාන පැළ සිටුවති



(එච්. චන්දන)

ශ්‍රී ලංකා පොලිසියේ 154 වැනි සංවත්සර දිනය අද(03)ට යෙදී තිබීම නිමිත්තෙන් පුත්තලම පොලිස් කාර්යාලයේ හා මූලස්ථාන පොලිස් නිලධාරින්ගේ සභාගීත්වයෙන් පුත්තලම කලපුව පිරිසිදු කිරීමේ හා කඩොලාන පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි.

පුත්තලම කලපුව පිරිසිදු කළ පොලිස් නිලධාරීහු අනතුරුව, කලපුවට ආවේණික කඩොලාන පැළ 50 ක් එහි සිටවූහ.

මේ දිනවල පුත්තලම දිස්ත්‍රික්කයේ විවිධ ස්ථානවල කඩොලාන ශාඛවලට හානි කරන අවස්ථා වාර්ථා වන බැවින් මෙලෙසින් කඩොලාන ශාක සිටුවීමට තීරණය කළ බව පොලීසිය පවසයි.