පුත්තලම-කොළඹ මාර්ගයට ගසක් කඩා වැටෙයි


 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

 

ගසක් කඩා වැටීමෙන් පුත්තලම කොළඹ මාර්ගයේ ගමනාගමනය මාදම්පේ ප්‍රදේශයේ දී පැයකට ආසන්න කාලයක් සම්පුර්ණයෙන් නැවතී ගිය බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ඒ.එම් .ආර්.එන්.කේ.අලහකොන් මහතා පැවසීය.

අද (9) උදෑසන දැවැන්ත මාර ගසක් මෙසේ මාර්ගය වසා දමමින් කඩා වැටී තිබේ.

පසුව මාදම්පේ පොලිසිය හා ප්‍රදේශවාසීන් පැවති වර්ෂාව ද නොතකමින් ගස කපා ඉවත් කිරිමට දැඩි වෙහෙසක් ගෙන තිබූ බව ආපදා කළමනාකරණ ඒකකය කියයි.

ගස කඩා වැටීමත් සමඟ නැවතී තිබු ගමනාගමනය පැයකට පසුව යථා තත්වයකට පත් කිරිමට හැකිවූ බව සහකාර අධ්‍යක්ෂවරයා කියයි.

තවමත් පවතින වර්ෂාව හේතුවෙන් මාර්ග ජලයෙන් යටවී දෛනික කටයුතුවලටද බාධා එල්ල වී තිබේ.