පුත්තලම බඩ ඉරිඟු ගොවින්ට සාර්ථක අස්වැන්නක්


 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම දිස්ත්‍රික්කයේ මෙවර යල කන්නය සදහා වගා කළ බඩඉරිඟු වගාවන් තුළින් සාර්ථක අස්වැන්නක්  ලබා ගැනීමට හැකි වී ඇති බව ගොවියෝ පවසති.

මෙවර යල කන්නය සදහා  දිස්ත්‍රික්කයේ වගා කළ සමස්ත භූමි ප්‍රමාණය අක්කර 1500 කි.

මේ වන විට එම වගාවන් තුළින් 50% ක අස්වැන්නක්  නෙළා ගනිමින් ඇති බවත් අනෙක් බිම්  අස්වැන්න නෙළීමට සුදානම් බව ගොවිහු පවසති.

පුත්තලම දිස්ත්‍රික් සහකාර ගොවිජන සේවා කොමසාරිස් පාලිත සේනාධීර මහතා මෙසේ කීය.

මෙවර දිස්ත්‍රික්කය අපේක්ෂිත අස්වැන්න මෙට්‍රික් ටොන් 1800 ක් බවත් පාරම්පරිකව වගා කළ ප්‍රදේශය හැර අත්හදා බැලීමක් වශයෙන් හලාවත ප්‍රදේශයේ මෙවර බඩඉරිඟු වගාව සිදු කිරීමට කටයුතු කළ බවත් ඉන් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වී ඇති බවයි.