(සුමිත් පොතුපිටිය)
පුද්ගලයකුට අත් කියතකින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් යුදහමුදා මේජර් වරයෙකු අත් අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කොස්ගම යුදහමුදා කදවුරේ රාජකාරි කරන මේජර් වරයෙක් බව පොලිසිය කීය.
සැකකකාර මේජර් වරයා පානදුර වලාන ප්‍රාදේශයේ සාදයකට සහභාගීවී යලි නිවස කරා යාමට සූදානම් වීමේදී තවත් පිරිසක් අතර ඇතිවූ කතාබහක් දුරදිග යාමෙන් පහරදීම සිදුව ඇති බව සදහන් වේ.
පහරදීම සිදුවන අවස්ථාවේ එයට මැදිහත්වූ සැකකාර මේජර් වරයාගේ බිරිදද තුවාල ලබා ඇති බවද පොලිසිය කීය.