පුලතිසි ‘‘මෙගා බ්ලාස්ට්‘‘ බ්ලාස්ට් කරලා


(චාපා මධුභාෂිණී)

මැදිරිගිරිය දිවුලන්කඩවල ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයකට පැමිණි ගායකයකු ගීත ගායනය නොකර වේදිකාවෙන් බැස යාම හේතුවෙන් කෝපයට පත්වූ රසිකයන් පිරිසක් එම ස්ථානයේ තිබූ දේපළවලට හානි කර ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

සංගීත කණ්ඩායමේ සංගීත භාණ්ඩ, ආලෝක කණු, ශබ්ද විකාශන යන්ත්‍ර, කැනපි, පුටු ආදී දේපළ රැසකට මෙසේ හානි කර ඇති අතර සිදුවූ රුපියල්  කෝටි 3 කට අධික බව පොලිසිය සදහන් කරයි.

මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කළ සංවිධායක මණ්ඩලය විවිධ ගායකයන් මෙම ප්‍රසංගයට පැමිණෙන බවට ප්‍රචාරය කර තිබිණි.

මෙම සංගීත ප්‍රසංගයට මැදිරිගිරිය, කන්තලේ, දඹුල්ල, හබරණ, පොලොන්නරුව ප්‍රදේශවලින් පමණක් නොව ගම්පහ, කුරුණෑගල ආදී දුර ප්‍රදේශවලින් ද බොහෝ දෙනා පැමිණ සිට ඇත.