පෙරටුගාමී සමාජවාදී පක්ෂය කොටුවේ විරෝධතාවක


ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි සමග ලංකාවේ ආණ්ඩුව අත්සන් කිරීමට නියමිත ගිවිසුම් හා ඒවා අත්සන් කරන අත්තනෝමතික ආකාරයට විරෝධය දැක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද (5) පස්වරුවේ පැවැත්විණි.

"ඉන්දියානු විජිතකරණයට රට බිලිදෙන ගිවිසුම් එපා"  යන තේමාව යටතේ  විරෝධතාව පැවැත්වූ අතර එම පක්ෂයේ සාමාජිකයෝ රැසක් උද්ඝෝෂණයට සහභාගීවි සිටියහ.

(ඡායාරූපය: ගයාන් අමරසේකර)