පෙළපාලි ගිය හරීන්ට පොලිසියෙන් පොල්ලක්


(පාලිත ආරියවංශ)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් සංවිධානය කළ නීති විරෝධි මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් නවතා දැමීමමට බදුල්ල මැතිවරණ ආරවුල් නිරාවණය මධ්‍යස්ථානය හා බදුල්ල පොලිසිය අද කටයුතු කළේය.

මෙම පිරිස රතිංඥ දල්වමින් අත් පත්‍රිකා බෙදමින් අද 11 වනදා දහවල් පෙළපාලියක බදුල්ල නරගයේ ගමන් කරමින් සිටියදි බදුල්ල පහළ විදීයේදී පොලිසිය  එම පිරිස නතර කළ අවස්ථාවේ හරින් ප්‍රනාන්දු මහතා සහ පොලිසිය අතර අනුසුම් තත්වයක්ද ඇතිවිය.