(ගයාන් සූරිය ආරච්චි)
පේදුරු තුඩුව ප්‍රදේශයේදී සිමෙන්ති ගඩොලකින් පහරදී අඹුසැමි යුවළක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෝ දෙදෙනෙක් පේදුරු තුඩුව පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 23 හා 31 වයස් වල පසුවන කට්කෝලම් සහ පුනිද නගර් යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.
ඝාතනයට ලක් වූ අඹුසැමි යුවළ ලොන්ඩ්ර් ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර රෝහල්වල අපවිත්‍ර වන රෙදි පිරිසිදු කිරීම සඳහා නිකුත් කරන ටෙන්ඩර් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ඝාතනය සිදුවන්නට ඇති බවට පොලිසිය සැක පල කරයි.
පේදුරු තුඩුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අමරසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරයි.