පොඩ්ඩක් ඉන්න අපි පාර මාරුවෙන කම්


(නිහාල් ජයවීර)

පාදෙණිය - අනුරාධපුරය ප්‍රධාන මාර්ගයේ අඹන්පොළ,ගැටදිවුල ප්‍රදේශයෙන් මේ දිනවල උදේ ,හවස වල් අලි රංචුවක් පාර මාරු වෙන අයුරු දකින්න ලැබෙන බව ප්‍රදේශවාසිහු කියති.

මේ රංචුවේ වල් අලි දෙසීය පනහක් පමණ සිටින බව ද අඹන්පොළ,තේක්කවත්ත රක්ෂිතයේ සිට සවස් කාලයේ එළියට පැමිණෙන මේ සතුන් ප්‍රධාන මාර්ගය හරහා මාරු වී පාළුකඩවල වැව දෙසට ගමන් කරන බව ප්‍රදේශවාසිහු කියති.

වල් අලීන් පාර මාරුවන බවට මේ ස්ථානයේ දැන්වීම් පුවරුවක් හෝ ප්‍රදර්ශනය කොට නැති බව ද ජනතාව කියති.