පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියේ ශූරයෝ ලංකාවට


(ටී.කේ.ජී.කපිල )

දකුණු අප්‍රිකාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක කණ්ඩායම රන් පදක්කම් 14 ක් , රිදී පදක්කම් 09 ක් සහ ලෝකඩ පදක්කම් 01 දිනා ගෙන  ඊ‍5යේ( දින) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

මෙම තරගාවලිය දකුණු අප්‍රිකාවේ සන්සිටි නුවර ඉකුත් 04 දින සිට /15 දින දක්වා පොදු රාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,000 ක ගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි .

මෙසේ පදක්කම් දිනා ගත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් පිරිස 15 දින සවස 04.45 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 549 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔවුන් පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ නිලධාරීන් පිරිසක් සහ මෙම ක්‍රීඩකයින්ගේ දෙමාපියන් , නෑදෑ හිතවතුන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

 මෙම තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා සවි එසවීමේ සංගමයේ අනුමැතියකින් තොරව , සංචාරක වීසා යටතේ දකුණු අප්‍රිකාවට ගිය රසිතා ද සිල්වා නැමැති ක්‍රීඩිකාව රන් පදක්කමක් දිනා ගෙන තිබුණි . 

ඇය එරටට රැගෙන ගිය , ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායමේ නායක රන්සිළු ජයතිලක , මෙම ක්‍රීඩිකාව සමග එරට දී  තරග පැවැත්වෙන අතරතුර දී ආරවුල් ඇති කර ගැනීම නිසා , ඔහු දකුණු අප්‍රිකානු රජය පිටුවහල් කර තිබේ .