කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ජනයා වැඩිපුර ගැවසෙන පොදු ස්ථානවල මහජනතාව රැස් වෙන විට මීටරයක පරතරයෙන් සිටීම සඳහා සීමාව සලකුණු කිරීමේ වැඩසටහනක් අද(24) කෝට්ටේ නගර සභාව විසින් ආරම්භ කර ඇත.
ඒ අනුව කෝට්ටේ මහ නගර සීමාවට අයත් සියලුම පොදු ස්ථානවල එම සීමාව ලකුණු කිරීම සිදුකරන බව කෝට්ටේ නගරාධිපති මදුර විතානගේ මහතා පැවසීය.
ඡායාරූප - ලහිරු හර්ෂණ