පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම වහයි


(යොහාන් භාසුර)

දියත උයන අසල පොල්දූව හන්දියේ පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා  ඇති බව පොලිසිය පවසයි.

 වාහන ගමනාගමනය සඳහා විකල්ප  මාර්ග භාවිත කරන ලෙස රියදුරන්ගෙන් පොලිසිය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කරන විරෝධතාවක් පාර්ලිමේන්තුව අසල අද පැවැත්වීමට නියමිතය.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)