(නිමල් ජයරත්න)
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාරියකු සහ සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරියකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුව ගෙන ඇති අතර පොලිස් නිලධාරියා පලා ගිය බව හෙනානිගල වනජීවී නිලධාරීහු සඳහන් කරති.
පළා යමින් තිබූ මෙම වෑන් රථය පිටුපස ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන ඇති අතර එහි තිබී ඌරු මස්, ගෝන මස්, හා මුව මස් තොගෙයක් පොහොර මලු තුනක දමා වෑන් රථයේ සඟවා තිබූ බවද වනජීවී නිලධාරියෙක් සඳහන් කළේය.
වෑන් රථය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරුවන් තිදෙනාම වනජීවී නිලධාරීන්ට බැණ වැදි පලා යාමට උත්සාහ කළ බවත් ඉන් දෙහිඅත්තකණ්ඩිය පොලීසියේ පැවසූ අය පලාගොස් ඇති අතර සිවිල් ආරක්ෂක නිලධාරියා සහ අනෙත් පුද්ගලයා අත්අඩංගුවට ගත් බවද වනජීවීය අප කළ විමසීමකදී සඳහන් කළේය.