(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර මුලස්ථාන පොලිසියේ වැසිකිළියක් තුළ මත්කුඩු පානය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් වර්ගයේ මත්කුඩු සමග අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර මුලස්ථාන පොලිසියට අනුයුක්තව සේවය කළ 39 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි.
මෙම පොලිස් කොස්තාපල්වරයා වැසිකිළියක් තුල මත්කුඩු පානය කරමින් සිටින බවට මුලස්ථාන පොලිස් පරික්ෂක ආර්.එම්.ජයවීර මහතාට ලද තොරතුරක් මත සිදුකළ පරික්ෂාවේදි අයිස් වර්ගයේ මත්කුඩු සමගඊයේ (8) අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවට ගනු ලැබු පොලිස් කොස්තාපල්වරයා අද (09)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.