පොලිස් වෙඩි පහරින් කොල්ලකරුවෝ දෙදෙනෙක් මරුට


(දිලිප් ජයසේකර)

සූරියවැව වැවේගම පාර මහවැලිකඩආර හන්දියේදි රන්මාල කොල්ලකරුවන් සහ පොලිසිය අතර ඇති වූ වෙඩිහුවමාරුවක් කොල්ලකරුවන් දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කියයි.

තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ රන්මාලයක් කොල්ල කා යන බවට ප්‍රදේශවාසීයකුගෙන් ලද තොරතුරක් මත අවට පොලිසිය ද දැනුවත් කර මෙම කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනිම සඳහා මෙහෙයුමක් ආරම්භ කර ඇත

ඒ අනුව සූරියවැව පොලිසියේ කණ්ඩායමක්  කොල්ලකරුවන් පිටුපස ලුහුබඳ යද්දී යතුරු පැදියෙන් ගමන් ගත් කොල්ලකරුවන් පොලිසිය දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් කොල්ලකරුවන් දෙදෙනා මියගොස් ඇත.

කොල්ලකරුවන්ගේ වෙඩි ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ එම වෙඩි ප්‍රහාරයෙන් බේරීමට ගිය පොලිස් ජිප් රියද පාරෙන් ඉවතට පැන ගසක ගැටී ඇත.