පොලිස් සංවත්සර දිනය සමරති


154 වන පොලිස් සංවත්සරය වෙනුවෙන්,  අඩු ආදායම්ලාභී පවුල් 200 සඳහා වියලි ආහාර පාර්සල් බෙදාදීම සඳහා සංවිධානය කෙරුණ වැඩසටහනක්  කෝට්ටේ රජමහා විහාරයේදී අද (03) පැවැත්විණි.

එසේම බස්නාහිර පළාතේ අඩු පහසුකම් සහිත පාසල් 10 ක පුස්තකාල සදහා සහ පිලියන්දල මහජන පුස්තකාලයට පොත් 3000 ක් ප්‍රදානය කිරීමේ උත්සවයක් ද හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේදී  පැවැත්විණි.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.


මඩකලපුව දිස්ත්‍රික්ක පොලිස් ස්ථානවල  සමාජ සේවා ව්‍යාපෘතියන් හා ආගමික වැඩසටහන්  අද පැවැත්විණි.
දිස්ත්‍රික්  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  නුවන් මැන්ඩිස්  මහතාගේ   ප්‍රධානත්යෙන් මෙය පැවැත්විණි.

මඩකලපුව කළපු ඉවුරේ  රුක් රෝපණය කළ අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි

 (ජවුෆර්ඛාන් )


(පාලිත ආරියවංශ - බදුල්ල ඵෙතිහාසික මුතියංගන රාජ මහා විහාරස්ථානයේ)



(මොහොමඩ් ආසික් - කටුගස්තොට පොලිසියේ භූමිය තුළ)


(රංජිත් රාජපක්ෂ - මස්කෙළිය සමන් දේවාල පරිශ්‍රය)


(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

අදට යෙදෙන 154 වැනි පොලිස් සංවත්සර දිනය නිමිත්තෙන් දියවයිනේ පිහිටි පොලිස් ස්ථානවල නිලධාරීන් එක්ව රුක් රෝපණය කිරීමේ වැඩසටහන් ,වියළි ආහාර පාර්සල් ලබා දීම් ඇතුළු වඩසටහන් සංවිධානය කර තිබිණි . එහි අවස්ථාවන් ඡායාරූපවලින් දැක්වෙයි.