පොලිසිය කොල්ලුපිටිය - වැල්ලවත්ත මුහුදු ප‍්‍රදේශ පවිත‍්‍ර කරති


(ඉන්දිකා රාමනායක)

පරිසර ආරක්ෂණ වැඩසටහන යටතේ පොලිස් නිලධාරීන් 400 දෙනකුගේ සහභාගීත්වයෙන් කොල්ලුපිටියේ සිට වැල්ලවත්ත  දක්වා වූ මුහුදු ප‍්‍රදේශය පවිත‍්‍ර කිරීමේ වැඩසහටනක් අද (25) පැවැත්විණි.

එම අවස්ථාවට පොලිස්පතිවරයා , උසස් පොලිස් නිලධාරීන්  හිටපු කි‍්‍රකට් නායකයන් වූ සනත් ජයසුරිය,  ටී.එම්.ඩිල්ෂාන් යන මහත්වරුද සහභාගි වුහ.

හිටපු කි‍්‍රකට් නායක සනත් ජයසූරිය මහතා පොලිස් නිලධාරීන් සමඟ එකව පිරිසිදු කිරීම්වල නිරත වූ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.

ඡායාරූප -පොලිස් මාධ්‍ය අංශය