පොලොන්නරුවට අධික මීදුම් තත්වයක්


(ඩබ් ඒ පියතිලක)

පොලොන්නරුවේ  ප්‍රදේශ රැසකට අද  (23) උදෑසන අධික මීදුම් තත්වයක් පැවතීමෙන් මාර්ගවල රථ වාහන ගමනාගමනයට මෙන්ම මාර්ගවල ගමන් කරන  පදිකයන්ට ද බාධා ඇතිවිය.

මෙම මීදුම් සහිත කාලගුණ තත්වය මින්නේරිය, හිගුරක්ගොඩ , ගිරිතලේ, මැදිරිගිරිය සහ පොලොන්නරුව  ඇතුළු ප්‍රදේශ රැසක දක්නට ලැබිණ.

අද (23) උදැසන  6 සිට 7.30 දක්වා කාලයක මෙම මීදුම් සහිත තත්වය  තිබෙන අයුරු  දක්නට ලැබිණි.

ප්‍රදේශයේ  ජනතාව  පවසා සිටින්නේ මෙවැනි මිදුම සහිත තත්වයක්  මෑත කාලයේ දැක නොමැති බවයි. මෙසේ මිදුම් තත්වයන් මිට පෙර තිබුණත් මෙවැනි අයුරින් නගරයේ පවා දක්නට නොලැබුණ අතර ඉදිරියේ දි අධික නියග තත්වයක පෙර නිමිති බව ජනතාව කියති.