පොහොර ඉල්ලා ගෙවීහු මහ පාරට බසිති


(සනත් ගමගේ)

ලියන්ගස්තොට ව්‍යාපාරයේ කුඹුරු අක්කර 1800 කට වැඩි ප්‍රමානයකට යූරියා පොහොර ඉල්ලා ගොවීහු ලුණම ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙති.

දියව් දියව් පොහොර දියව්, අපේ පොහොර හොරට විකුණලා, බළධාරීන් ගොවි ජනසේවා කාර්යාලයේ හැංඟිලා , අපට උත්තර දෙන්න එළියට එන්නේ නැහ, අද පොහොර දෙනවා කියා රැවට්ටුවා. යනාදි වශයෙන් විවිධ සටන් පාඨ කියමින් ගොවි ගෙවිළියෝ  තංගල්ල හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ වාඩි වී සිය විරෝධය සිදු කරති.

සංචරන නිති රීති ක්‍රියාත්මක වුවද වගා කර ඇති කුඹුරු විනාශ වීම බලන් සිටීමට නොහැකි හෙයින් පෙහොර ඉල්ලා මෙසේ මහ පාරට බැස්ස බව ගොවීහු කියති.

ලියන්ගස්තොට දකුණු ඉවුර යටතේ සහනාධාර පොහොර ලෙස මෙවර යල් කන්නයේ ලබා දීමට නියමිත පොහොර ප්‍රමානය මෙලෙස ලබා නොදී හොර පාරෙන් අතිරේඛ භෝග වගාවන්වලට වැඩි මිලට යූරිය පොහොර විකිණිම සිදු කර ඇති බවටත් තොරතුරු තිබෙන බවද ගොවීහු මෙහිදී ගොවිජන සේවා නිළධාරීන්ට චෝදනා කලහ.

මේ සම්බන්දයෙන් ලුණම ගොවිජන සේවා කාර් යාලයේ නිළධාරීන්ගෙන් කරුණ විමසූවත් ඒ කිසිවෙක් මාධ්‍යයට පිලිතුරු ලබා දීමට ඉදිරිපත් වූයේ නැත.