(යොහාන් භාසුර)
ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමට අවසර දීමෙන් පසුව අද (27) වන විට ආනයනික සහල් මෙට්‍රික්ටොන් 72000 ක් නිෂ්කාශනය කර වරායෙන් පිටත් කළ හැරි බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
එම ආනයනික සහල් මෙට්‍රික්ටොන් 72,000 ට කැකුළු සහල් මෙට්‍රික්ටොන් 32,000 ක් සහ නාඩු සහල් මෙට්‍රික්ටොන් 40,000ක් ඇතුළත් වූ බවත් තවදුරටත් රේගුව වෙත යොමු කරන ආනයනික සහල් හැකි ඉක්මනින් නිදහස් කරන බවත් අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
මෙරට මුහුණ දී සිටින සහල් අර්බුදයට පිළියමක් ලෙස වර්තමාන ආණ්ඩුව මේ මස 4 වැනිදා ආනයන බලපත්‍ර නොමැතිව සහල් ආනයනය කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයට විවෘත කළේය.