බකතපස් රකින ලතුවැකියෝ


(චන්ද්‍රසේන ගමගේ)

දේශීය පක්ෂියෙකු වූ ‘’ලතු වැකියා’’ වාසය කරන්නේ වියළි දේශගුණයක් සහිත තෙත්බිම් වලය. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ වෙසෙන ‘’ලතු වැකියා’’ගේ ප්‍රධාන වාස භූමිය වූයේ බූන්දල කුරුලු අභය භූමිය හා කළමැටිය කුරුලු අභය භූමියයි.

මාසයකට අධික කාලයක් තිස්සේ පැවති ඇදිරි නීතිය නිසා දකුණු ප්‍රදේශය තුළ මිනිස් ක්‍රියාකාරකම් අඩු වී තිබීම හේතුවෙන් ගහ කොළට නව පණක් ලැබිණි. අපවිත්‍ර වී තිබූ තෙත් බිම් සියල්ල ස්වාභාවික තත්වයට පත් වූහ. පියාසර කරන්නට තැනක් නැතිව සිටි ලතුවැකියාට ද නිදහසක් ලැබුණි.

ලතුවැකියා මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව තෙත් බිම් පෙදෙස්වල සැරි සරන අයුරු මෙලෙස කැමරාවට හසු විය.