(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පුරාවස්තු වටිනාකමක් ඇති ගණදෙවි පිළිමයක් විකිණීම සදහා බඩඉරිගු බෑගයක සගවා මන්නාරම සිට කොළඹ දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවකු මුරුක්කන් ප්‍ර දේශයේදී ඊයේ (15) අත්අඩංගුවට ගත් බව මුරුක්කන් පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පේෂාලේ, කාටස්පත්‍රි ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය පවසයි.
සැකකරු මෙම ගණදෙවි පිළිමය බඩඉරිගු ඇට පිරවූ බෑගයක ඉතා සූක්ෂම ලෙස සඟවා කොළඹ ප්‍ර දේශයට විකිණීම සදහා මෙසේ රැගෙන ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එම පිළිමයේ නාසය සහ අත් දෙක සැකකරු විසින් කඩා ඒවා රත්‍රන් දැයි පරීක්ෂා කර ඇති බව පොලිසිය පවසයි. සැකකරුගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරිම්වලදී පවසා ඇත්තේ තමාගේ මාමාගෙන් එම පිළිමය ලැබුණු බවය.