(ප්‍රසාද් රුක්මල්)
පස්සර ඇල්ල හරහා බණ්ඩාරවෙල මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේදී මාර්ගයට විශාල ගසක් අද (25) පස්වරුවේ කඩා වැටීමෙන් රථ වාහන ධාවනයට බාධා සිදුව ත්‍රීරෝද රථයකටත් අලාභහානි වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය පවසයි.
මාර්ගය අසල තිබූ මෙම විශාල ගස එක්වරම මාර්ගයට කඩා වැටී ඇති බවත් ඒ අසල මාර්ගය අයිනේ නවතා තබා තිබූ ත්‍රීරෝද රථයකටත් මින් අලාභහානි වී ඇතැයි එම කාර්යාලය සදහන් කළේය .
මින් කිසිවෙකුට හෝ අනතුරක් සිදු වී නොමැත.
මාර්ගයට කඩා වැටී ඇති ගස කපා ඉවත් කර මාර්ගයේ රථ වාහන ධාවනයට ඉඩ කඩ සලසා දීමට කටයුතු සිදු කරන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා වැඩිදුරටත් පැවසීය.